Lanka Radio LK

Lanka Radio LK

Menu
  • Home
  • News & Events
  • Contacts
  • About Us

ර ට පු රා මේ දි න ව ල  සැ ම රෙ න ජෝ ති 

 ර ට පු රා මේ දි න ව ල ඉ හ ළි න් සැ ම රෙ න  ජෝ ති ....

තමා පිළිබඳව ..හා තමා සම්බන්ධයෙන් අනාගතයේදී ...මෙතරම් දේ ලියැවේවි යැයි ..

මෙපමණ සැමරුම් පැවැත්වේයැයි....මේසා ඇගැයීමක් කෙරේවි යැයි ජෝති ජීවත්ව සිටියදී කිසි විටෙක අනුමාන නොකරන්නට ඇත.

එසේම..තමාට කටුව ගැසූ...තමාගේ සංගීත ගමනට බාධා අකුල් දැමූ...තමාට එරෙහිව ගතු කේළම් ඕපාදූප කියා බොහෝ තැන් වලින් තමා කපා හැරීමට සaජුව හෝ වක්‍රව දායකත්වය සැපයූ අය තමාගේ ගුණ වයමින් ස‍ංගීත ප්‍රසංගයන්...විශේෂ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරාවි යැයි ඔහු කිසිම විටෙක නොසිතන්නට ඇත.

ජෝති යනු හැමදාමත් මෙරට සාමාන්‍ය රසිකයන් වෙනුවෙන් ගී ගැයූ...පොදු ජනතාවගේ හදවතේම සිටි....පොදු ජනතාව අතරම ජීවත් වූ පොදු ජන ගායකයෙකි. ඔහු ඇතැම් අවස්ථාවන්හිදී මෙරට ගායකයකු අය කරන ඉහළම ගාස්තුව අය කරමින් හෝ නොමිලයේම යන දෙවිධියටම ද....මහා මංදිරවලද....සාමාන්‍ය පැදුරු සාජ්ජවලද යන දෙතැන්හිම ගී ගැයූ ගායකයෙකි.

ජෝතිගේ ජීවිතය දෙස හැරී බැලීමක් කරන කල සුපැහැදිළි වන කරුණු රාශියක් ඇත.ඉන් වැදගත්ම කරුණු කිහිපයක් සටහන් කරනු කැමැත්තෙමි.

(1) ඔහු කaත ගුණ සළකන උදාර පුද්ගලයෙකි.

තමාගේ මුල් අවධියේ දී බොහෝ සේ

සහාය දුන් ගීත රචක කරුණාරත්න

අබේසේකරයන් ද..තමාට චිත්‍රපටයක

මුලින්ම අතදුන් ච්ත්‍රපට අධ්‍යක්ෂක සිරිල්

පී.අබේරත්නයන් ද...තමාගේ කළ්‍යාණ

මිත්‍ර ජේ.ඒ.මිල්ටන් ද ...පසු කලෙක ස්ව

නිර්මාණ අලුත් ගී තනු සපයා දෙමින්

ඔහුගේ පසුකාලීන ජනප්‍රියත්වය ඔප්

නංවා ගැනීමට සහාය දුන් සංගීත

වේදීන් සරත් දසනායකයන් හා

මෙල්රෝයි ධර්මරත්නයන් හට සෑම

විටෙකම කaතවේදීත්වය දැක්වූ

තැනැත්තෙකි.

(2) තමන්ගේ ගායක දිවිය හැකි තරම්

වaත්තීය මට්ටමින් කළ අයෙකි. හැකි

සෑම වෙලාවකම පුහුණු වීම් වලට

පැමිණීම...කලට වේලාවට පටිගත

කිරීම් සඳහා පැමිණීම ...වැඩ සටහන්

සඳහා පැමිණීම ඔහුගේ සිරිතක් විය.

(3) සංගීත අධ්‍යක්ෂක වරයා...ගීත

රචකයා ...වාද්‍ය ශිල්පීයා ප්‍රවීනයකු..

ජේෂ්ඨයකු .....පළපුරුදු අයකු හෝ

නවකයකු..ආධුනිකයකු වුවද ඒ

ඕනෑම කෙනෙකුට මනා ලෙස අනුගත

වීම ඔහුගේ ගුණාංගයක් විය.

(3) ක්ෂෙත්‍රයේ ප්‍රවීනයන්ට ජේෂ්ඨයන්ට

ගරු කිරීමට ඔහු කවදත් පෙළඹුණ

මුත්...ඇතැම් ජේෂ්ඨයින් ඊර්ෂ්‍යාව නිසා

ඔහු කොන් කිරීමට ..ඔහු පැත්තකට

කිරීමට උත්සාහ දැරූහ.

(4) වෙනත් ගායන ශිල්පීන් ගේ ගායානා

අගය කිරීම ඔහු කවදත් කළේ ය.

.ජෝති සිහිකරන සෑම අවස්ථාවකම ඔහුගේ මෙම ගුණාංගයන්ද සිහිපත් කිරීමද කළ යුත්තකි. ඒ මන්ද යත් මෙම අසහාය ගායන වේදියා මෙතරම් කීර්තියට ජනාදරයට පත්ව දශක ගණනාවක් තිස්සේම එක ලෙසින්ම ජනප්‍රියත්වය රැක ගෙන සිටීමට මෙම ගුණාංගයන්ද හේතු විය හැකි බැවිනි.

ජෝති ගේ මධුර ගායන ශෛලිය වෙනමම කතා කළ යුතු මාතෘකාවකි. ඒ කටහඬෙහි ඇති ලයාන්විත භාවය මිහිරකටත් වඩා ආනන්දයක් ලෙස මට දැනේ. ජෝතිගේ කටහඬ්න් මුල්වරට ගැයුණු ගීතයක් නැවත වරක් ඒ ආනන්ද ජනක හැඟීමම ජනිත කරවමින් ගායනා කිරීමට කිසිවෙකුට නොහැකිය. අඩු තරමින් ජෝතිටවත් නොහැකිය. ඔහුගේම ගී පසුව ඔහු ගයද්දීම වුවද මුල් ගැයුමේ රැඳි ඒ ගුණය සුළු ප්‍රමාණයකින් වුවද අඩු වී ඇති බව සූක්ෂ්ම කණට වැටහී යයි.

ජෝති ගායනයටම උපන් ගායකයෙකි. ඔහු කිසි විටෙක මොහොමඩ් රාෆි වීමට උත්සාහ නොකළේ එමනිසා ය. ඔහුට එලෙස වීමට අවශ්‍යතාවයක් නැත. රසවත් ලෙස..ආකර්ෂණීය ලෙස ගීතයක අසන්නන් වෙත ඉදිරිපත් කිරීමේ සහජ හැකියාව ඔහු තුළ නිසගයෙන්ම පිහිටා තිබුණ බව ඔහුගේ පැරැණි ගීත වලට සවන් දීමේදී වුවද හඳුණා ගත හැකිය. මීට කදිමම උදාහරණ ය 'සිරියමෙ සාරා" ගීතයයි.

ජෝති ඊයේ අද මෙන්ම හෙටත් මෙරට ජනතාව වෙතින් ප්‍රතිකේෂ්ප නොවන්නේ මේ කරුණු හේතු කොට ගෙනය.

.පිටපත :මෙල්රෝයි ධර්මරත්න

Your browser does not support the audio element.
Listen Live: Lanka Radio - දැන් ගුවනට - 103.4

Lanka Radio LK
Lanka Radio LK © 2025 Privacy policy Develop By Asela Indrajith

contact us

Freephone:+ 49 176 46 79 11 52

E-mail: lankaradio@outlook.com

whatsApp 004 viber 003 telegram 002 messenger 001 skype

+ 49 176 46 79 11 52

about us

  • About Us
  • Press
  • Help Center
  • Broadcasters

Login form



Powered By LoginRadius
  • Forgot your username?
  • Forgot your password?
  • Create an account